24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර තරගාවලිය ඩුබායිවලින් හම්බන්තොටට

    - Advertisement -

    ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර, තරග 3කින් සමන්විතව පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

    මේ තරගාවලිය මුලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සැප්තැම්බර් මස 1 සිට 5 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර, අයිපීඑල් තරගාවලියේ දෙවැනි අදියර සහ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩාංගණ සූදානම් කිරීමට සිදු වීම හේතුවෙන් ඇෆ්ගනිස්තාන පාකිස්තාන තරගාවලිය එහිදී පැවැත්වීමට නොහැකි වී තිබේ.

    - Advertisement -

    එබැවින් එම තරගාවලිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය වී ඇත.

    අයිසීසී ලෝක කුසලාන සුපර් ලීගයට ඇතුළත් මේ තරගාවලිය සැප්තැම්බර් මස 1 වැනිදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, එම ක්‍රීඩාංගණය අතරමැදි ස්ථානයක් වන දෙවැනි අවස්ථාව මෙයයි. මින් පෙර 2011 ලෝක කුසලාන තරගාවලියේ කෙන්යාව සහ පාකිස්තානය අතර තරගය එම ක්‍රීඩාංගණයේදී පවත්වා තිබේ.

    එහිදී අවසන් වරට අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරගයක් පැවැතියේ පසුගිය වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතරය.

    - Advertisement -

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.