24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    ඉන්දියාවට වඩා ඉහළ දස්කම් දැක්වූ මිල්කා ජිම්නාස්ටික් බලාපොරොත්තු ඉහළ දමයි

    - Advertisement -

    අනීකා-ටෙහානී අන්තිමයාට කලින්: නිලූක පරදියි

    ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වට එක් වූ මිල්කා ගිහානී ද සිල්වා අරියාකා ජිම්නාස්ටික් මධ්‍යස්ථානයේදී ඉන්දියාවට වඩා පියවරක් ඉදිරියෙන් සිට 28 වැනි ස්ථානයට පත් වෙයි. ඊයේ පැවැති මේ මනස්කාන්ත තරගයට ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩිකාවන් 38ක් එක්ව සිටි අතර, මිල්කා ගිහානී අදියර හතරේදී ලකුණු 45.798ක් වාර්තා කළාය. මේ සුදුසුකම් ලැබීමේ තරගයේදී ලකුණු 57.132ක් වාර්තා කළ රුසියානු ඔලිම්පික් කමිටු ක්‍රීඩික ඇන්ගෙලීනා මෙලනිකෝවා පළමු ස්ථානයට පත්වූවාය. අසල්වැසි ඉන්දීය ක්‍රීඩිකාව ලකුණු 42. 565ක් ලබා 29 වැනි ස්ථානයට පත් වූවාය.

    - Advertisement -

    18 හැවිරිදි මිල්කා ගිහානී මේ තරගයේ පිනුම් අශ්වයා ඉසව්ව ලකුණු 13. 666කින් නිම කොට ආසියාවේ හොඳම ක්‍රීඩිකාවන් 8 අතරට පිවිස සිටීම සතුටට කරුණකි. මේ තත්ත්වය අනුව ඇයට ඉදිරියේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය හා ආසියානු ක්‍රීඩා උලෙළේදී පදක්කමක් දිනා ගැනීමට හොඳ සටනක් දිය හැකි පසුබිමක් නිර්මාණය විණි. ඇය භූමි ව්‍යායාම ඉසව්වෙන් (Floor Exercise) ලකුණු 10.866ක් හිමි කර ගත් අතර, අනෙක් ඉසව් දෙකේ දුර්වලතා හේතුවෙන් පසුපසට තල්ලු විය. සමබර දණ්ඩ ඉසව්වේදී (Balance Beam) අවස්ථා දෙකකදී සමබරතාව බිඳී ගිය හෙයින් ලකුණු 11.266ක් හා අසම සම පෝල ඉසව්වේදී (Uneven bars) රිද්මයේ බිඳ වැටීම් හේතුවෙන් ලකුණු 10.866කට සීමා වීමට සිදු විය.

    රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වේදී ක්‍රීඩිකාවන්ගේ පැනීම්, සමබරතාව, භ්‍රමණය, නම්‍යශීලිත්ව, උපකරණ හැසිරවීම සහ කලාත්මක ගුණාංග එක් කිරීම විනිශ්චයකරුවන් විසින් සැලකිල්ලට ගනු ලබන අතර, ඊයේ වැඩි ගෞරව රුසියානු ඔලිම්පික් කමිටු ධජය නියෝජනය කළ ක්‍රීඩිකාවෝ හිමි කර ගත්හ.

    තරගයෙන් අනතුරුව මිල්කා සඳහන් කළේ වසර 2019 සිට කිසිදු අන්තර්ජාතික තරගයකට ඉදිරිපත් වීමට අවස්ථාවක් නොලද හෙයින් තරමක් ආධුනික ගතියක් ඇති වූ බවයි. ඉදිරියේදී දක්ෂතා අතරට පැමිණීමට මෙය හොඳ අත්දැකීමක් වූ බව ද ඇය ‘දිනමිණ’ට පැවසුවාය.

    - Advertisement -

    ජාතික ඔලිම්පික් කමිටුව මසකට අමෙරිකානු ඩොලර් 670 බැගින් දුන් ශිෂ්‍යත්වයක් අනුව ජපානයේ වැඩිදුර පුහුණුවට යොමු කෙරුණු මිල්කා ඔලිම්පික් උලෙළකට ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් පළමු වරට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාව වූවාය. ඇයගේ එම ශිෂ්‍යත්වය මේ ඔලිම්පික් උලෙළින් පසු නිමා වීමට තිබුණ ද යළිත් එය වසර දෙකකින් දීර්ඝ කර ගැනීමට ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවට හැකියාව ලැබී ඇත.

    ටෝකියෝ ඔලිම්පික් කෙළි බිමට ශ්‍රී ලංකාවෙන් පෙරේදා පිවිසි පළමු ක්‍රීඩිකාවන් දෙදෙනාම එම මූලික වටයේ ඉසව්වල අවසන් ක්‍රිඩිකාවට කලින් තරගය නිම කළහ. මීටර් 10 වායු රයිෆල් ඉසව්වෙන් තරග වැදුණු ටෙහානී එගොඩවෙල ක්‍රීඩිකාවන් 50කින් 49 වැනි ස්ථානයට පත් වූ අතර, මීටර් 100 සමනල ආර ඉසව්වෙන් තරග කළ අනීකා ගෆූර් ක්‍රීඩිකාවන් 33ක් අතුරින් 32 වැනි ස්ථානයට තරගය නිම කළාය. ලොව අති දක්ෂ ක්‍රීඩිකාවන් මේ ඉසව් දෙකටම එක්ව සිටි අතර, ඔවුන් හා අභියෝගාත්මක තරග රටාවකට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දෙදෙනාම අසමත් වූහ. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනාම හැකි උපරිම අයුරින් තරග කළද මේ ප්‍රතිඵලය හේතුවෙන් ඔවුහු පළමු වටයෙන්ම ඉවතට ගියහ.

    මීටර් 10 වායු රයිෆල් ඉසව්වෙන් තරග වැදුණු ටෙහානී එගොඩවෙලගේ වෙඩි ප්‍රහාර මාලාවේ අවස්ථා 6කදී ලකුණු 611.5ක් වාර්තා විණි. ඔලිම්පික් ක්‍රීඩා ක්‍රීඩා උලෙළේ පළමු රන් පදක්කම පිරිනැමෙන ඉසව්ව මෙය වූ අතර, එහි උපරිම ඵල නෙළාගත් චීන ක්‍රීඩිකා ක්වෑන් යෑන්ග් පළමු ස්ථානයට පත් වූවාය. එහි රිදී පදක්කම දකුණු කොරියාවේ අනස්ටාසියා ගලසිනා හා ලෝකඩ පදක්කම ස්විට්සර්ලන්තයේ නිනා ක්‍රිස්ටේන් හිමි කර ගත්හ. ටෙහානී එගොඩවෙලට වඩා දකුණු ආසියාවේ නේපාල, භූතාන හා ඉන්දීය ක්‍රීඩිකාවෝ ඉදිරියෙන් සිටියහ.

    - Advertisement -

    මීටර් 100 සමනල ආර ඉසව්වේදී අනීකා ගෆූර් මිනිත්තු 1:05.33කින් තරගය නිම කළ අතර, ඇය සහභාගි වූ මූලික වටයට තවත් ක්‍රීඩිකාවන් දෙදෙනකු එක්ව සිටියහ. අනීකා එයින් දෙවැනි ස්ථානයට පත් වූ අතර, අසර්බයිජානයේ මාරියම් අසේ මිනිත්තු 1:01.37කින් පළමු ස්ථානයට පත් වූවාය.

    සරණාගතයන්ගේ ඔලිම්පික් කණ්ඩායම නියෝජනය කළ යසාරා මර්දිනී මිනිත්තු 1:06.78කින් තෙවැනි ස්ථානයට පත් වූවාය. මීටර් 100 සමනල ආර ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව 2014 වසරේදී මිචිකෝ රහීම් මිනිත්තු 1:05.29කින් තබා ඇති අතර, ඒ ආසන්නයටම අනීකා පැමිණීම විශේෂත්වයකි.

    බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න ඒකල මූලික වටයේ තරගයකදී චීන තායිපේ ක්‍රීඩකයා සමඟ සටනට පිවිස තරගවට 2-0කින් පරාජයට පත් විය.

     

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.