24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    ශ්‍රී ලංකාව පියවරක් ඉහළට

    - Advertisement -

    සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය කඩුලු 3කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    අයිසීසී ලෝක කුසලාන සුපිරි ලීගයේ තරගාලියක් ලෙස පැවැති මේ තරගාවලියේ හිමි වූ එකම ජයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ 11 වැනි ස්ථානය දක්වා ස්ථානයක් ඉදිරියට යෑමට ශ්‍රී ලංකා පිලට හැකි වූයේ ප්‍රසාද ලකුණු 10ක් සමඟිනි.

    - Advertisement -

    සුපිරි ලීගය යටතේ මේ වන විට තරගාවලි 4කදී තරග 12ක් ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා පිල ඉන් ජය ගෙන ඇත්තේ තරග 2ක් පමණි. එංගලන්තය සමඟ තරගයක් විසඳුමකින් තොරව නිමා වීමෙන් හිමි වූ ප්‍රසාද ලකුණු 5ත් සමඟ ලකුණු 25ක් වුවද තරග 2කින් ඍණ ලකුණු 3ක් හිමි වීම හේතුවෙන් මේ වන විට ලකුණු සංඛ්‍යාව 22ක්ව තිබේ. මේ ජය සමඟ ශ්‍රී ලංකාව නෙදර්ලන්තය පසු කළ අතර, ඔවුන්ට පහළින් සිම්බාබ්වේ පිල සිටී. 10 වැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාව සතුව ඇත්තේ ප්‍රසාද ලකුණු 24ක් පමණි. මේ තරගාවලියට පෙර ශ්‍රී ලංකාව 11 වැනි ස්ථානයේත්, දකුණු අප්‍රිකාව අවසන් ස්ථානයේත් (13) පසු වූ අතර, දකුණු අප්‍රිකාව අයර්ලන්ත පිලට එරෙහිව තරගයක් ජය ගනිමින් සහ තරගයක් විසඳුමකින් තොරව නිමා වීමෙන් පසු 10 වැනි ස්ථානයට පත් විය. ඒ සමඟ ශ්‍රී ලංකාව 12 වැනි තැනට වැටුණු අතර, තෙවැනි තරගය ජය ගැනීම හේතුවෙන් යළිත් පියවරක් ඉහළට ගියේය.

    මේ ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාවට තවත් ඉතිරිව ඇත්තේ තරගාවලි 4ක් පමණි. ඒ දකුණු අප්‍රිකාව, නවසීලන්ත, ඇෆ්ගනිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම්වලට එරෙහිවය.

    කෙසේ වෙතත් 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට ඍජුව සුදුසුකම් ලබන්නේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් කණ්ඩායම් 8 පමණක් බැවින් ශ්‍රී ලංකාවට ඒ සඳහා ප්‍රබල සටනක් දීමට සිදුව තිබේ.

    - Advertisement -

    ඉන්දියාවට එරෙහිව ලැබූ ජය ශ්‍රී ලංකාව මේ ශූරතාවලිය යටතේ ලබාගත් දෙවැනි ජයයි. ශ්‍රී ලංකා පිල මේ ජයග්‍රහණය කරා ගෙන යෑමේ නියමුවා බවට ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමත් විය. ඔහු පන්දු 98කදී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 76ක් රැස් කළ අතර, මේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ද විය.

     

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.