24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    වශිය

    - Advertisement -

     

    “පිච්ච මලක් වගේ
    උදේ නියර දිගේ
    ඇවිදන් එන නඟේ
    සොඳුරුයි නුඹෙ දඟේ”
    ඇයව දුටුවෙ මං දවසක්
    ළඟදි වෙලේ නුගේ

    - Advertisement -

    දුටු සැණ මල්සර
    විද්දා හී සර
    බැලුවට ඇස් ඇර
    ඒ බැල්මේ සැර
    ළං වෙන්නට දරන්න විය
    අම්බානක වෙර

    ඇගෙ පස්සෙන් වැටී
    තව පොඩ්ඩෙන් ගුටී
    රෝල් වුණත් පටී
    එයාව මට වටී
    ඈ වෙනුවෙන් කන්නට හැක
    මහ පොළොවේ මැටී

    සෑහෙන දුර හිතා
    ගුරෙකුට කර කතා
    පරිස්සමින් ඉතා
    කහ නූලක් ඔතා
    වශියක් මතුරා ගත්තා
    පන්නන්නට හිතා

    - Advertisement -

    පන්ති ගිහින් ඇය
    එන වෙලාව හය
    ඉතින් නැතුව බය
    එළුවා මඟ හුය
    අපොයි මුලින් ඒක පැන්නෙ
    නැන්දම්මගෙ පය

    කළ ගුරුකම ඉනා
    හොඳටම වැරදුණා
    මට රට පැටළුණා
    කඳුළුත් එයි උනා
    නැන්දම්මා මදෙස බලා
    පායි කොමල සිනා

    දමා නොයෙක් උපා
    එන්නෙ මුකුළු පපා
    වැන්දෙමි බිම දපා
    මාමණ්ඩිගෙ දෙපා
    “අනේ මාමෙ දුව දීපං
    නැන්දව නම් එපා”

    - Advertisement -

    දිල්රූ ජයසේකර

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.