24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    සියලු ජාතික වන උද්‍යාන අද සිට විවෘත වේ

    - Advertisement -
    කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසාදමා තිබූ දෙහිවල ජාතික සත්වෝද්‍යානය ද අද (26) සිට සංචාරකයින් වෙනුවෙන් විවෘතව තැබෙයි
     
    එමෙන්ම  සියලුම ජාතික වනෝද්‍යාන ද නැරඹිමේ අවස්ථාව  අද සිට හිමිවෙයි
     
     සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශවලට යටත්ව එය විවෘතව තැබෙන බවයි බලධාරීන් ප්‍රකාශ කරියි 
     
     නරඹන්නන්ගේ ධාරිතාව 25% කට සීමා කරමින් උදෑසන 8.30 සිට සවස 5 දක්වා ජාතික සත්වෝද්‍යානය විවෘතව තැබීමට බලාපොරොත්තු වන බව සත්වෝද්‍යාන බලධාරීන් පවසයි
     
    මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ජාතික වනෝද්‍යාන නිරෝධායන නීතින්වලට අනුගත වෙමින් අද සිට විවෘතව තැබෙනවා. මින්නේරිය , කවුඩුල්ල ,ගිරිතලේ ,සෝමාවතිය , අංගමැඩිල්ල , වස්ගමුව මෙන්ම මාදුරුඔය වනෝද්‍යාන නැරඹීමට අද සිට සංචාරකයින්ට අවස්ථාව ලබාදී ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව් එම්. කේ. එස් චන්ද්‍රරත්න මහතා ප්‍රකාශ කළේය

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.