24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    ගුරු සටනට සහාය දෙන්න සත්‍යග්‍රහයක් අද ඇරඹේ

    - Advertisement -

    ගුරු-විදුහල්පති සටනට සහයෝගය පළ කරමින් අද (12) කොළඹ නිදහස් චතුරස්‍රය ඉදිරි පිටදී සත්‍යග්‍රහ ව්‍යාපාරයක්ද ආරම්භ කරමින් එතැන් සිට රට පුරා ගුරු සටනට සහයෝගය දෙන සියලු ක්‍රියාමාර්ගද ආරම්භ කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පැවසීය.

    ඊට රටේ සියලු වෘත්තීය සමිති ගුරු අරගලය හා එක් වූ බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංවිධානය විසින් කොළඹ පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් සමරසිංහ මහතා එසේ කියා සිටියේය.

    - Advertisement -

    මහ පාරේ සටන් නොකර ගුරු සටන ඉදිරියට ගෙන යෑමට මේ වන විට තීරණය කොට ඇති බවත් ගුරු විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශ හා වතු සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර සටන ජයග්‍රහණය කිරීම සඳහා තීන්දු තීරණ රැසක් ගත් බවත් ඒ මහතා කියා සිටියේය.

    කැබිනට් මණ්ඩල රැස්වීමේදී පත් කළ කැබිනට් අනුකමිටුව විසින් වැටුප් විෂමතාව සම්බන්ධයෙන් විසඳුම් දිය යුතු බවත් ආණ්ඩුව විසින් ගුරු ගැටලුවට විසඳුම් දී දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කළ යුතු බව වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.