24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    ඇමැති පුටු මාරු වෙයි

    - Advertisement -

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් වීමෙන් පසු පළමු කැබිනට් මණ්ඩල සංශෝධනය ඊයේ (16) සිදු කළ අතර එහිදී කැබිනට් ඇමැතිවරු හත් දෙනෙක් නව අමාත්‍යාංශවල ජනාධිපතිවරයා ඉදිරියේ දී දිව්රුම් දුන්හ.

    අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදේශ කටයුතු ඇමැතිවරයා ලෙසද, විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. සෞඛ්‍ය ඇමැතිවරිය ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රවාහන ඇමැතිවරිය ලෙසත් ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙසත් දිවුරුම් දුන්හ.

    - Advertisement -

    විදුලිබල ඇමැතිවරයා ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන් අතර ප්‍රවාහන ඇමැතිවරයා ලෙස කටයුතු කළ ගාමිණී ලොකුගේ මහතා දිවුරුම් දී ඇත්තේ විදුලිබල ඇමැතිවරයා ලෙසය.

    මේ අතර සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ ඇමැතිවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා පත්කළ අතර ඒ දැනට ඔහු දරණ තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැතිධූරයට අමතරවය.

    නුවන් කොඩිකාර

    - Advertisement -

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.