24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    උසස් පෙළට-ශිෂ්‍යත්වයට 90%ක් අයදුම්පත් ලැබිලා

    - Advertisement -

     විභාග කොමසාරිස්

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් කැඳවීමේ කාල සීමාව අදින් (15) අවසන් වේ.

    - Advertisement -

    ඊයේ (14) වනවිට සියයට 90ක් පමණ අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබූ බව මේ සම්බන්ධයෙන් දිනමිණ කළ විමසුමකදී විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පැවසීය. තවත් ලැබීමට ඉතිරිව තිබෙන්නේ අයදුම්පත් තුන්සීයක පමණ ප්‍රමාණයක් පමණක් බවද, ඒ ප්‍රමාණය අද දිනයේ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා සඳහන් කළේය.

    රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අ.පො.ස. උසස් පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් මාර්ග ගතව කැඳවීමේ අවසාන දිනය මේ මස 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි. ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ ව ර් ජ න ය හේතුවෙන් අ.පො.ස. උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් යැවීමේ කටයුතුවලින් ඉවත්ව සිටින බව වැඩ වර්ජනයේ නිරත වෘත්තීය සමිති මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

    සිතාරා සේනානි

    - Advertisement -

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.