24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    කණු මත යන කොළඹ අධිවේගයේ අධීක්ෂණයට උපදේශක ආයතනයක්

    - Advertisement -

    කොළඹ නගරයේ කණු මතින් ඉදි කෙරෙන අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් හා නඩත්තු අධීක්ෂණය සඳහා ස්වාධීන ඉංජිනේරුවරයකු වශයෙන් උපදේශක ආයතනයක් පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    ඒ නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා වූ කණු මතින් ඉදි කරන අධිවේගි මාර්ගයේ ඉදි කිරීම් සහ නඩත්තු කටයුතු අධීක්ෂණයට සඳහා උපදේශක සේවාවන් ලබා ගැනීමට මෙම අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    - Advertisement -

    වසර 3ක් ඇතුළත අදාළ අධිවේගී මාර්ගය ඉදිකිරීමට නියමිත බවත්, එම උපදේශක ආයතනයේ සේවා යෝජක වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කළ යුතු බවට තීරණය කළ යුතු බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (14) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පතිරණ මහතා කියා සිටියේය. යෝජිත මාර්ගයේ ප්‍රමිතිය හා නියමිත කාලසීමාව තුළ ඉදිකිරීම් සහතික කරගැනීම සඳහා එම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව පෙරේදා රැස්වූ කැබිනට් මණ්ඩලයේදී, ඒ සඳහා විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කර යෝග්‍ය ආයතනයක් තෝරාගැනීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මහාමාර්ග ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීමට අදාළ කොන්ත්‍රාත්තුව සැලසුම් කොට, ඉදිකර, අරමුදල් සපයා, මෙහෙයුම් සිදු කර පවරා දීමේ පදනම මත (DBFOT) M/s China Harbour Engineering Corporation වෙත ප්‍රදානය කිරීමට මැයි මස 24 දින පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය දී තිබිණි.

    නුවන් කොඩිකාර

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.