24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    කොවිඩ් එන්නත් කාඩ් 45ක් ළඟ තබා ගත් ගාල්ලේ සුවසේවකයා දැලේ

    - Advertisement -

    කොවිඩ් එන්නත ගැනීමෙන් පසු දෙන කොවිඩ් එන්නත් කාඩ් පත් 45ක් සන්තකයේ තබාගෙන සිටි ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවකයකු ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු ගාල්ල ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර මොහුට මෙම කාඩ් පත් ලැබුණේ කෙසේද, ඒවා කිසියම් මිලකට අලෙවි කර ඇතිද, අලෙවි කර ඇත්තේ කාටද යන්න පිළිබඳ මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා දිනමිණට පැවසීය.

    - Advertisement -

    මෙම පුද්ගලයා එම එන්නත් කාඩ් පත් විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වන්නේ නම් ඒවා මිලට ගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පොලිසිය පවසයි. මේ ආකාරයෙන් යම් කිසි පුද්ගලයකු එන්නත් කාඩ් පත් අලෙවි කරන බවට තොරතුරු වෙතොත් පොලිස් හදිසි ඇමතුම් අංක 1990ට හෝ ආසන්නතම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසත්, මෙවැනි වංචනික ක්‍රියා කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.

    රක්ෂණ ශ්‍රියන්ත

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.