24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    ගුරු-විදුහල්පති වැටුප් සංශෝධනය ගැන බැසිල්-දිනේෂ් හා ගුරු සංගම් අතර නුදුරේම සාකච්ඡාවක්

    - Advertisement -

    ගුරු-විදුහල්පති වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් සමඟ ගුරු සංගම් කීපයක් නුදුරු දිනකදී සාකච්ඡාවක නිරත වන බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය ඇතුළු ගුරු සංගම් කීපයක් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් දෙන ලෙස මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව මේ සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

    ගුරු වැටුප් විසමතාව විසඳීමට කැබිනට් මණ්ඩලය මගින් ඉදිරිපත් කර තිබෙන විසඳුම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කෙරෙන ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි ද රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගයක් ‘දිනමිණ‘ට ඊයේ (14) පැවසීය.

    - Advertisement -

    ශිරාන් රණසිංහ

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.