24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    ජනගහනයෙන් 50% ඉක්මවා මාත්‍රා දෙකම දුන් රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක් වෙයි

    - Advertisement -

    කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම

    ඉලක්කගත ජනගහනයෙන් සියයට 50 ඉක්මවා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම දුන් රටවල් අතරට ඊයේ (14) දිනයේදී ශ්‍රී ලංකාව ද එක් වූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

    - Advertisement -

    මෙය රටක් ලෙස සියලු ජනතාව ලබාගත් ජයග්‍රහණයක් බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (14) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමතිවරයා කීවේය.

    කුඩා දූපත් රාජ්‍ය හැරුණුවිට මේ වන විට ජනගහණයෙන් සියයට 50කට එන්නත් දී ඇත්තේ කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, ජපානය, මැලේසියාව වැනි ජී 7 කලාපයට අයත් රටවල් බවත් ඉන් රටවල් හතරක්ම එන්නත් නිපදවන රටවල් බවත් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

    අපි රටක් ලෙස දෙවැනි එන්නත ජනගහණයෙන් සියයට 50 කට ළගා කරගන්න හැකි වීම ජයග්‍රහණයක් විදියට සලකන්න ඕන. මේ ජයග්‍රහණයේ අප කවුරුත් වීරයෝ. ගෙදරට වෙලා වැඩට යන්නේ නැතිව හිටිය කෙනත් වීරයෙක්, ඒ වගේම සෞඛ්‍ය සේවයේ අප්‍රමාණ කැපකිරීම් කළා, ආරක්ෂක අංශය අප්‍රමාණ කැපවීම් කළා. රාජ්‍ය නායකයන් විශාල කැපකිරීම් කළා.

    - Advertisement -

    නුවන් කොඩිකාර

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.