24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    පිටින් බලපෑම් එපා අප ගැන අපිම බලා ගන්නම්

    - Advertisement -

    ඇමැති, ජීඑල් මානව හිමිකම් කවුන්සිලයට කියයි

    මානව හිමිකම් ඇතුළු විවිධ කරුණු සම්බන්ධයෙන් අප රට දේශීය ක්‍රීයාවලියට අනුව ශක්තිමත්ව කටයුතු කරන බව විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඊයේ (14) ප්‍රකාශ කළේය.

    - Advertisement -

    ඉතාලියේ සිට සූම් තාක්ෂණය ඔස්සේ කවුන්සිලයට එක් වෙමින් ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එල්ල කළ චෝදනාවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසූවේය.

    ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩකළ බවට සඳහන් 46/1 යෝජනාව මඟින් පිහිටුවන ලදැයි පවසන බාහිර ක්‍රියාමාර්ග සඳහා වන යෝජනාව ප්‍රතික්ෂේප කරන බව ද ඇමැතිවරයා එහිදී කීවේය. සෑම අතින්ම නිසි නීති ක්‍රියාවලියට අනුකූල වෙමින්, ශ්‍රී ලංකාව 2019 පාස්කු ඉරුදින එල්ල වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ අපරාධකරුවන් පිළිබඳ අඛණ්ඩව සොයා බලා නඩු පවරමින් සිටියි. රජය සෑමවිටම සිදු කරන පරිදි, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ දී සහ සෑම ආගමකටම අයත් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමේ දී සුපරීක්ෂාකාරීව සිටියි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ නැවත සලකා බැලීමට සහ ජාත්‍යන්තර සම්මතයන්ට හා විශිෂ්ට පරිචයන්ට අනුකූලව එය ගෙන ඒම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කර තිබේ. මේ මස අවසානයේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන බව ඇමැතිවරයා පැවසුවේය.

    වර්තමාන කොවිඩ්-19 වසංගතයේ දැඩි අභියෝග යටතේ, ප්‍රජාවගේ ජීවිතය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීම සහතික කිරීම රජයක මූලික යුතුකමක් ලෙස සැලකේ. අපගේ අභියෝග විවෘතව පිළිගන්නා අතර, වගකිව යුතු ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස වගවීම, සංහිඳියාව, මානව හිමිකම්, සාමය සහ තිරසාර සංවර්ධනය යන කරුණු සම්බන්ධ සමස්ත පරාසයකම දෘශ්‍ය ප්‍රගතියක් ගැනීම සඳහා කැප වී සිටින බවත් කීවේය.

    - Advertisement -

    මහින්ද අලුත්ගෙදර

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.