24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    “මෙරට පුර්ණ එන්නත්කරණය 50% ඉක්මවයි” – සාර්ථකම එන්නත්කරණය කල රටවල් අතරට ලංකාවත්!

    - Advertisement -

    ඉලක්කගත ජනගහනයෙන් සියයට 50 ඉක්මවා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදුන් රටවල් අතරට අද (14) දිනයේදී ශ්‍රී ලංකාව ද එක් වූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

    මෙය රටක් ලෙස සියලු ජනතාව ලබාගත් ජයග්‍රහණයක් බවද ඇමතිවරයා කීවේය.

    - Advertisement -

    කුඩා දූපත් රාජ්‍ය හැරුණුවිට මේ වන විට ජනගහණයෙන් සියයට 50 කට එන්නත් ලබ දී ඇත්තේ කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, ජපානය, මැලේසියාව වැනි ජී 7 කලාපයට අයත් රටවල් බවත් ඉන් රටවල් හතරක්ම එන්නත් නිපදවන රටවල්  බවත් ඇමති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

    එමෙන්ම කොවිඩ් එන්නත්කරණය සැලකීමේදී මිලියන 20 කට වඩා වැඩි ජනගහනයක් සිටින ලොව රටවල් 60 ක් ඇත. ඒ අතුරින්, මුළුමනින්ම එන්නත් කළ ජනගහන ප්‍රතිශතයෙන් ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නේ පහත රටවල් පමණි.

    ජපානය 51%
    මැලේසියාව 53%
    එක්සත් ජනපදය 54%
    ජර්මනිය 62%
    ප්‍රංශය 62%
    ඉතාලිය 63%
    එක්සත් රාජධානිය 66%
    කැනඩාව 69%
    ස්පාඤ්ඤ 74%

    - Advertisement -

    ඉහත 9 න් 7 ක්ම G7 රටවල් වේ. (ලොව විශාලතම ආර්ථිකයන් සහිත රටවල්) එම රටවල් 9 න් 5 ක්ම එන්නත් නිපදවයි. (ෆයිසර්, මොඩර්නා, ඇස්ට්‍රාසෙනෙකා) (එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, ජපානය)

    ශ්‍රී ලංකාවේ ප්‍රවනතාවයට සහය දැක්වීම සඳහා සැසඳීම්.

    දකුණු කොරියාව 38%
    ඕස්ට්‍රේලියාව 34%

    - Advertisement -

    ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 25% ක් වුවද, නවසීලන්තය 29% කි.

    The post “මෙරට පුර්ණ එන්නත්කරණය 50% ඉක්මවයි” – සාර්ථකම එන්නත්කරණය කල රටවල් අතරට ලංකාවත්! appeared first on Colombo Tribune.

    The article first published on colombotribune.com ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.