24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    රේගු ගුදම් තුළ දිරාපත්වන භාණ්ඩවලට විසඳුමක්

    - Advertisement -
     
    වසර ගණනාවක සිට කොළඹ වරාය පරිශ්‍රයේ ඇති රේගු ගුදම් (Bonded Warehouse) තුළ දිරාපත් වෙමින් සහ විනාශ වෙමින් යන භාණ්ඩ වරාය හා නාවික කටයුතු අමාත්‍ය  රෝහිත අබේගුණවර්ධන මහතා නිරීක්ෂණයක නිරත විය. 
     
    ආනයන නීතිරීති උල්ලංගනය කරමින් මෙරටට ගෙන එනු ලැබූ විවිධ භාණ්ඩ සඳහා රේගුව විසින් නඩු පවරා ඇති අතර ඒවා වසර ගණනාවක් තුල නොවිසිදී ඇති බැවින් මෙම නීතිමය කටයුතු හැකි ඉක්මනින් අවසන් කිරීමට රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අවධානය යොමු කිරීමට එහිදී පියවර ගැණුනි.
     
    වරාය අධිකාරිය පරිශ්‍රයේ ඇති මෙවැනි ගුදම් හයක් අද (14) නිරීක්ෂණය කල අතර ඒවා දැනට අබලන් සහ අපිලිවෙල වූ හෙයින් හැකි ඉක්මනින් ඒවා සංවර්ධනය කර අලංකාර ස්ථානයන් බවට පත් කල යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
     
    මෙම අවස්ථාවට රේගු අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති සහ උප සභාපති ඇතුළු වරාය සහ රේගුවේ නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.