24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    සතොසෙන් අතුරුදන් වූ සුදුලූනු කිලෝ 54,680 ලක්ෂ 74කට පිටකොටුවට විකුණලා

    - Advertisement -

    රිසිට් පතක් නෑ විමර්ශනවලදී හෙළි වෙයි

    සතොස මඟින් අලෙවි කිරීමට තිබියදී අතුරුදන් වූ සුදුලූනු කිලෝ 54680ක තොගයම කිලෝව රුපියල් 135 බැගින් රුපියල් ලක්ෂ හැත්තෑහතරක මුදලකට රිසිට් පතක් නිකුත් කිරීමකින් තොරවම පිටකොටුව තොග වෙළෙන්දෙකුට විකුණා තිබෙන බව විමර්ශනවලදී හෙළිව තිබේ. මෙම සුදුලූනූ තොගය රුපියල් කෝටි හතකට වැඩි වටිනාකමකින් යුත් අතර අතුරුදන් වූ සුදුලූනු බහාලුම් දෙක වත්තල, මාබොලේ හා වැලිසර ප්‍රදේශවල තිබියදී පොලීසිය ඊයේ (14) සොයාගෙන තිබේ. වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකින් පසු මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් ද පත් කර තිබේ.

    - Advertisement -

    ඒ අනුව මෙම බහාලුම් දෙක සොයා ගැනීමට විමර්ශන කණ්ඩායම් සමත් වී ඇති අතර පොලිසිය මේ සම්බන්ධයෙන් ඊයේ (14) අධිකරණයට වාර්තා කිරීමට නියමිතව තිබිණි.

    ආනයනකරුවන් මුදා නොගත් අත්‍යාවශ්‍ය භාණ්ඩ සතොසට ලබාදීමේ වැඩපිළිවෙළක් පසුගිය මාස දෙක තුනේ ක්‍රියාත්මක වූ අතර ඒ අනුව මෙම මුදා නොගත් බහාලුම් දෙක තත්ත්ව පරීක්ෂාවකින් පසු සතොස ආයතනයෙන් ඉකුත් 9 වැනිදා බාර ගෙන තිබේ. එදිනම රාත්‍රියේ මෙම තොගය අඩු මිලට රිසිට් පතක් හෝ නොමැතිව මෙසේ පිටකොටුව තොග වෙළෙන්දෙකුට විකුණා ඇති බව අනාවරණය වී තිබේ.

    මේ පිළිබඳ වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දැනුම්වත් කළ විගස ඒ මහතා සතොස සභාපතිට හා විධායකට නිලධාරි නියෝග කර ඇත්තේ මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කර අදාළ පුද්ගලයන් සේවයෙන් නෙරපන්න ලෙසයි. අනතුරුව ඊයේ සවස වනවිට සතොස අභ්‍යන්තර පරීක්ෂණයක් කර මෙහි ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන තිබෙන සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුල්‍ය) සුසිල් පෙරේරා ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් තිදෙනකුගේ වැඩ තහනම් කර ඇත.

    - Advertisement -

    අනුර ප්‍රේමලාල්

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.