24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    සතොසෙන් සුදුලූනු පැන්නූ ලොක්කන් 4කගේ වැඩ තහනම්!

    - Advertisement -

    සතොසෙන් සුදුලූනු බහාලුම් 2ක් හොර පාරෙන් පිට පැන්නූ සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු 4 දෙනකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව සතොස නියෝජ්‍ය  සාමාන්‍යාධිකාරි (මූල්‍ය) සුසිරි පෙරේරා, ජේ‍යෂ්ඨ කළමනාකාර (බෙදාහැරීම්) ආර්.එස්. ප්‍රනාන්දු, කළමනාකාර (බෙදාහැරීම්) සමීර එරන්ජිත්, සතොස වැලිසර තොග වෙළෙඳසලේ කළමනාකාර නුවන් ලක්මාල් යන සිවුදෙනා ඊට සම්බන්ධ බව පොලිස් විමර්ශනවලින් තහවුරු වී ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පැවැසීය.

    - Advertisement -

    අදාළ පුද්ගලයන් අතර නුවන් ලක්මාල් නමැත්තා මැදිහත්වී මෙම භාණ්ඩ තොග වශයෙන් දුන් බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එම සිවුදෙනා ඇතුළු එම භාණ්ඩ ලබාගත් තවත් පුද්ගලයකු බී වාර්තා ඉදිරිපත් කර ඊයේ (13 දා) පිටකොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

    The post සතොසෙන් සුදුලූනු පැන්නූ ලොක්කන් 4කගේ වැඩ තහනම්! appeared first on Colombo Tribune.

    The article first published on colombotribune.com ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.