24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    LCB Finance සමා­ගම කොටස් වෙ‍ෙළ­ඳ­පොළට

    - Advertisement -
    18 සැප්තැම්බර්, 2021

    LCB Finance සමාගම කොටස් වෙෙළඳපොළට පිවිසීම මෙම වසරේ සිදුකරයි. සමාගමේ ප්‍රාථමික කොටස් නිකුතුවට අවශ්‍ය කටයුතු සම්පාදනය කර අවසන්ව ඇත. මහබැංකුව විසින් පනවන ලද කොටස් ප්‍රාග්ධන අවශ්‍යතාවය මිලියන 2,000 සීමාව පසුගිය මාර්තු මස අගදී පසුකරන ලදී. වසංගත තත්වය තුළදී වුවද, 2021 මාර්තු 31 වන දිනට මිලියන 100 ඉක්මවූ ලාභයක් වාර්තා කිරීමට සහ සුවිශේෂ ජයග්‍රහණ රැසක් අත්පත්කරගන්නා වසරක් බවට 2021 වසර පරිවර්තනය කරගැනීමට ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් සමාගම සමත්ව සිටී. අධ්‍යක්ෂ මණ්ඩලයේ මඟ පෙන්වීම, ප්‍රධාන විධායක නිලධාරී/විධායක අධ්‍යක්‍ෂකේ.ජී.ලීලානන්ද නායකත්වය සහ සේවක මණ්ඩලයේ කැපවීම මෙම සුවිශේෂ ජයග්‍රහණය සනිටුහන් කිරීමට හේතු විය. LCB Finance ශ්‍රේණිගත කිරීම B Stable සිට B+ Stable තත්ත්වයට 2021 වසරේ ඉහළනංවා ඇත.2021 මාර්තු 31 දිනට මුළු වත්කම් කළඹ රු. මිලියන 4,000ට ළඟා කර ගැනීමට හැකිවිය. 2021 වසර අවසන් වීමට පෙර සමාගමේ ශාඛා ජාලය 15 වනු ඇත. කුලියාපිටිය නගර මධ්‍යයේ නව ශාඛාවක් ලබන මාසය තුළ විවෘත වනු ඇත.

    The article first published on silumina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.