24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    සෙලාන් බැංකුව, PayHere සමඟ එක්වී ඔන්ල­යින් ගෙවීම් පහ­සු ­ක­රයි

    - Advertisement -
    18 සැප්තැම්බර්, 2021

    සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගෙවීම් සේවාව වන PayHere සමඟ විශේෂ හවුල්කාරීත්වයකට එළඹී තිබේ. ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ ව්‍යාපාර වලට මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ගෙවීම් භාරගැනීමේ අවස්ථාව සලසා දීම මෙම හවුල්කාරීත්වයේ ප්‍රධාන අරමුණ වී ඇත. මෙම ක්‍රමෝපායික හවුල්කාරීත්වය හේතුවෙන් අලෙවිසැල් හිමියන්ට ඕනෑම දේශීය බැංකුවක පවත්වාගෙන යන ගිණුමක් භාවිතයෙන් PayHere සේවාව සමඟ සම්බන්ධ වීමට හැකියාව ලැබේ. දිගු කලක පටන් මෙරට ඩිජිටල් බැංකුකරණ සේවාවන් සම්බන්ධ පුරෝගාමියෙකු ලෙස ඉදිරියෙන්ම සිටින සෙලාන් බැංකුව මේ වනවිට පුද්ගලයන් සහ ව්‍යාපාර වෙනුවෙන් සේවාවන් රාශියක් හඳුන්වා දී ඇත. මුල්‍ය-තාක්ෂණික (FinTech) සේවා සමාගමක් වන PayHere,ව්‍යාපාර හා ආයතන වලට ක්‍රමවේදයන් කිහිපයක් අනුව මාර්ගගත ගෙවීම් භාරගැනීමට අවස්ථාව සලසා දී තිබේ. සෙලාන් බැංකුව සහ PayHere අතර ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය නිසා, PayHere ගනුදෙනුකරුවන්ට මින් ඉදිරියට එක් නිශ්චිත බැංකුවක ගිණුමක් පවත්වාගෙන යාම අවශ්‍ය නොවන අතර, තමන් කැමති බැංකුවක ගිණුමක් භාවිතා කරමින් PayHere හරහා ගෙවීම් භාරගැනීමට අවස්ථාව හිමි වී ඇත.

    The article first published on silumina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.