24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    සිංහ සහ ලියෝ­ සමාජයන් ‘දහසක් පැතුම්’ ව්‍යාපෘතිය ඉදිරියටම

    - Advertisement -
    18 සැප්තැම්බර්, 2021

    ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂණ සේවා ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද “දහසක් පැතුම්” ව්‍යාපෘතිය තුළින් කෝවිඩ් වසංගතය මැඬ පැවැත්වීමට අවශ්‍යය වෛද්‍ය හා රසායනාගාර උපකරණ පරිත්‍යාගයක් සිංහ සහ ලියෝ සමාජ බහු දිස්ත්‍රික් 306 විසින් පසුගිය දා සිදු කරන ලදි.

    රුපියල් මිලියන 20ක වටිනාකමැති මෙම වෛද්‍ය / රසායනාගාර උපකරණ IDH රෝහල සහ නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහල වෙත පරිත්‍යාග කරන ලදි.

    - Advertisement -

    බහුමාණ්ඩලික කවුන්සිලයේ සභාපති සිංහ ශ්‍රී ලාල් ප්‍රනාන්දු, හිටපු කවුන්සිල් සභාපති සිංහ මහේෂ් පැස්කුවල්, දිස්ත්‍රික්ක යේ සිංහාධිපතිවරු, නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක රියර් අද්මිරාල් වෛද්‍ය ජයසේකර සහ නියෝජ්‍ය අධ්‍යෂක වෛද්‍ය අල්ගම යන සියලු දෙනාගේ සහභාගීත්වයෙන් කෝට්ටේ සිංහ ක්‍රියාකාරකම් මධ්‍යස්ථානයේ දී මෙම වෛද්‍ය / රසායනාගාර උපකරණ නිල වශයෙන් භාර දීම සිදු කරන ලදි.

    සන්නාම තානාපතිවරයෙකු ලෙස ගායක භාතිය ජයකොඩි ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

    The article first published on silumina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.