24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    5,000 එපා කියමින් ලොකු ටෝක් දුන්න ස්ටාලින්ලා යලි මාධ්‍ය ඉදිරියේ නාහෙන් අඬයි! [VIDEO]

    - Advertisement -

    රජය පොරොන්දු වු රුපියල් 5,000 දීමනාව වැටුප ට එක්නොකිරීම තුළින් කැබිනට් මණ්ඩලයේ තීරණ පිළිබද විශ්වාසය ගිලිහි යන බව ජෝසෆ් ස්ටාලින් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    “පැහැදිලිව ම කණගාටුයි. රු 5,000 නැහැ. රමේෂ් පතිරණ ඇමතිවරයා කිව්වා අපි දෙන්න තීරණය කළා කිව්වා සැප්තැම්බර. පඩි හම්බවෙලා තියෙන්නේ කිසිකෙනෙක් ට රු 5,000 නැහැ. එය නොදීමෙන් ම පැහැදිලි වෙනවා කැබිනට් තීරණය පිළිබඳ තියෙන විශ්වාසනීයත්ව එතැනින්ම ඉවරයි. අපි රු 5,000 ඉල්ලූවේ නෑ. අපිට රු 5,000 එපා. නමුත් එය නොදීමෙන් කැබිනට් මණ්ඩලය ගැන තිබු විශ්වසනීයත්ව එතැනින් ඉවරයි.”

    - Advertisement -

    කෙසේ නමුත් මෙසේ පවසන ගුරු සංගම් රජය ලබාදුන් විසඳුම් පිලි නොගන්නා බවට දැඩිව ප්‍රකාශ කරමින් මේ වනවිට මාස දෙකකට වැඩි කාලයක් ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත්ව පාසල් දරු දැරියන් අසරණ තත්වයකට ඇදදමා ඇති අතර දැන් ලබා දෙන බවට කී 5000 ඉල්ලමින් මාධ්‍ය හමු තබමින් සිටී.

    5000 එපා කියමින් ලොකු කතා කී NGO රූකඩයක් වූ ස්ටාලින්ලා සහ ජවිපෙ මහින්ද ජයසිංහලා සමස්ත ගුරු පරපුරම අපකීර්තියට පත්කරමින් සිය දේශපාලන මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව සියලු දෙනා දන්නා කරුණක් වන අතර පසුගියදා අනාවරණය වූ පරිදි මෙම පිරිස මීළඟ මැතිවරණයක් දක්වා මෙම වැඩවර්ජන ක්‍රියාදාමය ගෙනයාමට සුදානම් බවටද කරුණු හෙළිදරව් වී තිබෙනවා.

    ගුරු සංගම් සාමාජිකයින් සමාජ මාධ්‍ය ඔස්සේ සිය දේශපාලනය කල අකාරය හෙළි කරමින් අප මීට පෙර පලකල පුවතක් පහතින්…

    - Advertisement -

    “ඔන්ලයින්” දරුවන් අනාථ කල ගුරු සංගම් ෆේස්බුක් එකේ දේශපාලන රාජකාරියේ!

     

     

    - Advertisement -

    The post 5,000 එපා කියමින් ලොකු ටෝක් දුන්න ස්ටාලින්ලා යලි මාධ්‍ය ඉදිරියේ නාහෙන් අඬයි! [VIDEO] appeared first on Colombo Tribune.

    The article first published on colombotribune.com ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.