24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    සංචාරක තහනමක් ඉවත් වෙයි

    - Advertisement -

    ජපාන රජය ගත් පියවර

    කොවිඩ් අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා පැනවූ සංචාරක තහනම ඉවත් කිරීමට ජපාන රජය පියවර ගෙන තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා පැනවූ තහනම හෙට (20) දිනයේ සිට ඉවත් කරන බව ජපාන රජය නිවේදනය කර ඇත.

    - Advertisement -

    ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ අවදානම සැලකිල්ලට ගනිමින් පසුගිය ජුනි මාසයේ දී ජපාන රජය එම තහනම පනවනු ලැබීය.

    කෙසේවෙතත් අදාළ රටවල සිට පැමිණෙනන්නන් ගුවන්තොටුපොළේ දී සිදුකරන කොවිඩ් පරීක්ෂණයට අමතරව දින තුනක කාලයක් අනිවාර්ය නිරෝධායනයට ලක්ව කොවිඩ් පරීක්ෂණයක් සඳහා යොමු වී ආසාදිත නොවන බවට තහවුරු විය යුතු බව ජපාන රජය නිවේදනය කර ඇත.

    බ්‍රිතාන්‍යය විසින් ද කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් රතු ලැයිස්තුවට ඇතුළත් කර තිබු ශ්‍රී ලංකාව ඉන් ඉවත් කිරීමට පසුගියදා තීරණය කළේය.

    - Advertisement -

    එළඹෙන 22 වැනිදා සිට ශ්‍රී ලංකාව එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය තීරණය කර ඇති බව වාර්තා විය.

    The post සංචාරක තහනමක් ඉවත් වෙයි appeared first on Aruna.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.