24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    එන්නත නොගත් අවු: 30ට වැඩි අය මේ සතියේ අනිවාර්යයෙන්ම ගත යුතුයි

    - Advertisement -

    කොවිඩ් 19 වයිරසය මර්දනය කිරීමට දෙන එන්නත මෙතෙක් ලබා නොගත් අවුරුදු 30ට වැඩි සියලු පුද්ගලයන් මේ සතිය තුළ එන්නත්කරණයට යොමු වීම අනිවාර්ය බව රජය අවධාරණය කර තිබේ.

    වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සඳහා එන්නත් කිරීමේ වැඩසටහන පසුගිය සතියේ අවසන් කිරීමට නියමිතව තිබූ නමුත් එන්නත් නොකළ පුද්ගලයන්ට අවස්ථාව ලබා දීම සඳහා තවත් සතියක් දීර්ඝ කිරීමට තීරණය කළ බව රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

    - Advertisement -

    තරුණ තරුණියන් එන්නත් කිරීම සඳහා ප්‍රමුඛතාවක් දිය යුතු බැවින් හා එන්නත්කරණ මධ්‍යස්ථාන දිගු කාලයක් පවත්වාගෙන යාම අසීරු බැවින් මෙසේ දින නියමයක් කළ බව ද හෙතෙම කීවේය.

    වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ගෙන් විශාල පිරිසකට මේ වන විට එන්නත් ලබා දී ඇති නමුත් විවිධ හේතුන් නිසා තවමත් එන්නත් ලබා නොගත් පුද්ගලයන් විශාල පිරිසක් සිටින බව ද ජයසුමන මහතා කීවේය.

    එන්නත්කරණ මධ්‍යස්ථාන දිනපතා පවත්වාගෙන යාම අසීරු බැවින් 30 වැඩි අය සඳහා එන්නත්කරණය මේ සතිය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසුවේය.

    - Advertisement -

    ක්‍රිසන්ති විතාරණ

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.