24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    ජනගහනයෙන් 112 ලක්ෂයක් පූර්ණ එන්නත්කරණයට

    - Advertisement -

    මෙරට ජනගහනයෙන් 11,203,890ක් කොවිඩ් මර්දන පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

    කොවිඩ් මර්දන එක් මාත්‍රාවක් පමණක් ලබා ගත් ජනගහනය 13,906,987ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    - Advertisement -

    කොවිඩ් මර්දන එන්නත් වන ඇස්ට්‍රාසෙනිකා, සයිනොෆාම්, ස්පුට්නික්, ෆයිසර්, මොඩර්නා පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා 183,278ක් පසුගිය පැය 24 තුළදී (21) දී තිබේ.

    එදින ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව 945ක්ද, දෙවැනි මාත්‍රාව 38,312ක්ද, සයිනොෆාම් පළමු මාත්‍රාව 100,590ක් ද, දෙවැනි මාත්‍රාව 36,854ක්ද, ස්පුට්නික් දෙවැනි මාත්‍රාව 4220ක්ද, ෆයිසර් පළමු මාත්‍රාව 868ක්ද, දෙවැනි මාත්‍රාව 144ක්ද, මොඩර්නා පළමු මාත්‍රාව 1295ක්ද, දෙවැනි මාත්‍රාව 50ක් ලෙස දී ඇත.

    ඒ අනුව සමස්තයක් ලෙස මේ දක්වා ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව 1,449,122ක්ද, දෙවැනි මාත්‍රාව 1,082,816ක් ද, සයිනොෆාම් පළමු මාත්‍රාව 11,060,200ක්ද, දෙවැනි මාත්‍රාව 9,070,340ක්ද, ස්පුට්නික් පළමු මාත්‍රාව 159,089ක් ද, දෙවැනි මාත්‍රාව 47,673ක්ද, ෆයිසර් පළමු මාත්‍රාව 454,322ක්ද, දෙවැනි මාත්‍රාව 243,993ක්ද, මොඩර්නා පළමු මාත්‍රාව 784,254ක්ද, දෙවැනි මාත්‍රාව 759,068ක්ද ලෙස දී තිබේ.

    - Advertisement -

    සන්ධ්‍යා කරුණාරත්න

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.