24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    ගැබිනි කාන්තාවන් එන්නත්කරණය 100%ක් සාර්ථකයි!

    - Advertisement -

    ගැබිනි කාන්තාවන් සඳහා වන කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන 100%ක් සාර්ථක ලෙස ක්‍රියාවට නැංවෙන බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා ‘දිනමිණ‘ට ඊයේ (10) පැවසුවේය.

    වාර්ෂිකව ගැබිනි කාන්තාවන් 350,000ක් පමණ වාර්තා වන බවත් ඉදිරි වසර දෙකක් සඳහා ගැබිනි මවුවරුන්ට අවශ්‍ය කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් ගබඩා කර ඇති බවත් ඔහු පැවසුවේය.

    - Advertisement -

    ඉදිරි වසර දෙකක් සඳහා එම එන්නත් කල් ඉකුත් වීමක් සිදු නොවන බව ද ඔහු ප්‍රකාශ කළේය.

    ගර්භනී කාන්තාවන්්ගේ කොවිඩ් මර්දනය සඳහා තුන්වැනි එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් මාත්‍රාවක් ලබාදීමට වෛද්‍යවරුන්ගේ නිර්දේශ ලැබී ඇතැයි ද ඒ මහතා පැවසුවේය.

    කොවිඩ් ආසාදිත ගැබිනි කාන්තාවන් 8500 ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් 56 ක් මරණයට පත්ව ඇතැයි ද, කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට නොපමාව ගැබිනි කාන්තාවන් ඉදිරිපත් වූයේ නම් එම මරණ සංඛ්‍යාව 20 ක් දක්වා අඩු කර ගැනීමට හැකියාව තිබුණේ යැයි ද හෙතෙම පැවසීය.

    - Advertisement -

    කිසියම් මවකට කොවිඩ් ආසාදිත බවට සැකයක් ඇති වුවහොත් ළඟම තිබෙන රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වීම ඉතා වැදගත් බව ද ඒ මහතා කීය.

    The post ගැබිනි කාන්තාවන් එන්නත්කරණය 100%ක් සාර්ථකයි! appeared first on Colombo Tribune.

    The article first published on colombotribune.com ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.