24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    පුළුවන් තරම් මට කටකතා හදන්න මම ඒකට කැමැතියි

    - Advertisement -
    – සංජානා ගමාරච්චි
    ඔක්තෝබර් 14, 2021

     

    මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන “දිවි තුරා” ටෙලිනාට්‍යයේ ටීනාව ඔබට මතක ඇති? එසේත් නැති නම් පසුගිය සතියේ සිට ස්වාධීන රූපවාහිනියේ විකාශය වන “ර්ඥබපධ හීන” ටෙලිනාට්‍යයේ රයිලිගේ චරිතය මතක ඇති? ඒ නවක රංගන ශිල්පිනි සංජානා ගමාරච්චි. ගීත රූපරචනා සහ වෙළෙඳ දැන්වීම්වලින් ක්ෂේත්‍රයේ ජනප්‍රිය වුණු ඇය මේ වන විට ටෙලිනාට්‍ය කීපයකම විවිධ චරිත පණ පොවා හමාරයි.

    - Advertisement -

     

     

    කොහොමද ජීවිතේ?

    - Advertisement -

    මේ දවස්වල හොඳයි. සතුටින් ඉන්නවා. රටේ තියෙන වාතාවරණයත් එක්ක ටිකක් පරිස්සමෙන් රූගත කිරීම් කටයුතුත් කරගෙන ඉන්නවා.

     

    සංජානා මේ දවස්වල ටිකක් කාර්යබහුලයි නේද?

    - Advertisement -

    ගොඩක් කාර්යබහුල නැහැ. ඒත් කලා කටයුතුත් එක්ක ටිකක් කාර්යබහුලයි. මේ දවස්වල හිරු නාළිකාවේ විකාශය වන “දිවිතුරා” ටෙලිනාට්‍යයේ ටීනාගේ චරිතය රඟපානවා. ඊට අමතරව ස්වාධීන රූපවාහිනී නාළිකාවේ මම ප්‍රධාන චරිතය රඟපාන “ර්ඥබපධ හීන” ටෙලිනාට්‍ය විකාශය වෙනවා. මේ නිර්මාණත් එක්ක මේ දවස්වල ටිකක් කාර්යබහුලයි.

     

    අපි කතා කරමු “ර්ඥබපධ හීන” ගැන?

    මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ නව පරපුරේ දක්ෂ අධ්‍යක්ෂවරයෙක් වන සුපුන් රත්නායක. සුපුන් අයියා සහ ටෙලිනාට්‍යයේ කැමරාකරණය කරන ප්‍රභාත් රෝෂන් අයියා තමයි මට මේ චරිතයට ආරාධනා කරන්නේ. ධනවත් පවුලක දඟකාර, කටකාර තරුණියකගේ චරිතයක් ඒක. එයා අනිත් අයගේ හීන දිහා බලන් ඉන්න හරි ආස කෙනෙක්. එයාට හීන නැතුවම නෙමෙයි. ඒත් එයා වැඩිපුරම කැමැති ටෙලිනාට්‍ය ප්‍රධාන චරිතයක් වුන ශානික කියන තරුණයාගේ හීන දිහා බලාගෙන ඉන්න. මේ ටෙලිනාට්‍යය ආරම්භ වෙලා තවම දවස් කීපයයි. එයට ඉදිරියේදී හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

     

    “දිවි තුරා” ටෙලිනාට්‍යයේ ටීනාගේ චරිතය සංජානාට විශේෂයි නේද?

    දිවිතුරා ටෙලිනාට්‍යයේ මගේ චරිතය බොහොම ඉක්මනින් ප්‍රේක්ෂකයන් අතරට ගිය චරිතයක්. ප්‍රේක්ෂකයන් හරිම ආසාවෙන් වැලඳගත්ත චරිතයක් ඒක. ටීනා කියන්නේ රූපවාහිනී නාළිකාවක වැඩසටහන් අංශයේ සේවය කරන තරුණියක්. එයා මාධ්‍ය ක්ෂේත්‍රයට එන්නේ ඒ ගැන දැනුමක් ඇතිව නෙමෙයි. ඒත් එයා ගොඩක් උනන්දුවෙන් නාළිකාවේ වැඩ කරන කෙනෙක්. එළියේදී මුණගැහෙන ප්‍රේක්ෂකයන් පවා “ඔයා ටීනා නේද” කියලා ඒ චරිතය නමින් මාව හඳුන්වනවා. මේ වගේ චරිතයක් මම කරන්නේ මුල්වතාවට.

     

    සංජානා ක්ෂේත්‍රයට ආවේ කොහොමද?

    මම 2018 හිරු නාළිකාවේ අවුරුදු කුමරා කුමරිය තරගයේ හොඳම දොළොස්දෙනා අතරට ආවා. ඊටපස්සේ 2019 වසරේ දෙරණ අවුරුදු කුමරා කුමරිය තරගයේ තුන්වැනි ස්ථානයට තේරුණා. ඒත් සමඟම ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණ “ජීවිතය ඇති තුරා” ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට මට ආරාධනා ලැබුණා. මගේ ගමන ආරම්භ කළේ එතැනින්.

     

    රංගනය ගැන හදාරලා තියෙනවාද?

    ක්ෂේත්‍රයට එද්දි නම් රංගනය ගැන කිසිම දෙයක් හදාරලා තිබුණෙ නැහැ. ඇත්තටම මම කැමරාවක් ඉස්සරහා හිට ගන්නවත් දැනගෙන හිටියේ නැහැ. ඒත් මේ වෙනකොට රංගනය ගැන ඉගෙන ගනිමින් පවතිනවා. රංගනය ගැන විවිධ වැඩමුළු සහ පාඨමාලාවලට සහභාගි වෙනවා.

     

    ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහයෝගය ගැන කිව්වොත්?

    ඇත්තටම මට ලොකු සහයෝගයක් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන්ගෙන් ලැබෙනවා. මම රඟපාන චරිතය ගොඩනැඟෙන්න ඕනෙ කොහොමද, ඒ චරිතය ගලාගෙන යන්න ඕනේ කොහොමද, දෙබස් උච්චාරණය කරන්න ඕනේ කොහොමද කියලා ප්‍රවීණයන් මට කියලා දෙනවා. මම ඒ හැමෝටම ගොඩක් ගරු කරනවා.

     

    සංජානා චරිතවලට සූදානම් වෙන්නේ කොහොමද?

    පිටපත ලැබුණට පස්සේ මම පිටපත හොඳට කියවනවා. කියවලා මගේ චරිතය කොහොමද ගොඩනැඟෙන්න ඕනෙ කියලා උපකල්පනය කරනවා. ඊටපස්සේ කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා චරිතය රඟපානවා. යාළුවන්ට රඟපාලා පෙන්වනවා. කොහොමත් දර්ශන තලයට යන්න කලින් මම චරිතයට සූදානම් වෙලා යන්නේ.

     

    ඔබ රංගන ශිල්පිනියක් විතරක් නෙමෙයි නේද?

    මම රංගන ශිල්පිනියක්, නිරූපිකාවක්, හඬ කැවීම් ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහටත් වැඩ කරනවා. නිරූපණය ගැන කතා කළොත් ඕපඪඤචත ඉඩධධබ කරනවා, ඕපඪඤචත අචථනඪදඨ, ජ්චඵඩඪධද අචථනඪදඨ කරනවා. ප්‍රධාන නාළිකා කීපයක නිවේදන කටයුතුවල යෙදෙනවා. ඒ වගේම දෙරණ නාළිකාවේ හඬ කැවීම් ශිල්පිනියක් ලෙසත් වැඩ කරනවා.

     

    තරුණ රංගන ශිල්පිනිකයට කලා ක්ෂේත්‍රයේ ඉන්න අපහසුයිද?

    අපහසුයි කියන්නත් බැහැ. ඒත් කැපිලි කෙටිලි නම් ක්ෂේත්‍රයේ ඉන්නකොට එනවා. ඒ වගේම කටකතා, මඩ ඕනෑ තරම් එනවා. අපි රඟපාන චරිත හරි නැහැ කියලා මානසිකව වට්ටන්න පුළුවන්. විශේෂයෙන් ක්ෂේත්‍රයේ ඇතුළේ අයගෙන් වැඩිපුර කැපිලි එනවා. ඒවාට හරි විදිහට මූණ දීලා මගේ ගමන යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

     

    සංජානාට සෑහෙන්න කටකතා හැදෙනවා නේද?

    ඔව්. මම සහභාගි වුණ රූපවාහිනී වැඩසටහනක මම කියපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් ගොඩක් අය මට කටකතා හැදුවා. මඩ ගැහුවා. හැබැයි ඒ ගොසිප්වලින් මට හොඳක් වුණා කියලා මම විශ්වාස කරනවා. ඒකෙන් ගොඩක් අය මාව දැනගත්තා. ඒ ගොසිප් එක නිසා මම මිනිස්සු අතරට ගියා. හැබැයි ඒක බොරු කටකතාවක් ඒ වැඩසටහන හරියට බැලුවා නම් ඒක තේරෙයි.

     

    ඒ කියන්නේ ඔබ නෙගටිව් මාකටින් අනුගමනය කරන කෙනෙක්?

    හැම දෙයකටම නෙගෙටිව් මාකටින් හරියන්නේ නැහැ. සමහර අවස්ථා තියනවා ඒ නෙගටිව් එක පොසිටිව් වෙන. අවස්ථාව අනුව වෙනස් වෙන්න පුළුවන්. මට කටකතා හදන අයට පවා මම කියන්නේ පුළුවන් තරම් මට කටකතා හදන්න. මම කැමැතියි කටකතා හදනවට. එහෙම මට කටකතා කතා හදලා එයාලා සතුටු වෙනවා නම් ඒක මට පිනක් කියලා මම විශ්වාස කරනවා.

     

    පවුලේ විස්තර කිව්වොත්?

    මගේ පවුලේ ඉන්නේ තාත්තයි, මමයි, නංගියි. මගේ අම්මා මිය ගිහින්. ඊට අමතරව මගේ පවුල මගේ යාළුවො තමයි.

     

    පෙම්වතෙක් නැද්ද තවම?

    මේ වෙනකොට නම් නැහැ. කලින් ඉඳලා තියෙනවා. පෙම්වතෙක් ඉඳලා නැහැ කියලා කිව්වොත් ඒක බොරුවක්නේ.

     

    ඉදිරි බලාපොරොත්තු මොනවාද?

    මට පුළුවන් විදිහට මට හැකිතාක් කල් ක්ෂේත්‍රයේ මගේ දක්ෂතා පෙන්වන්න පුළුවන් වැඩ ටිකක් කරගෙන්න යන්න බලාපොරොත්තු වෙන්නේ. මම ලොකු බලාපොරොත්තු හීන දකින්නේ නැහැ. වැදගත් වෙන්නේ මේ මොහොතේ ජීවත් වෙන එක.

     

     

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.