24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    සහාය අධ්‍යක්ෂණයෙන් රංගනයට පැමිණි රුවන්

    - Advertisement -
    ඔක්තෝබර් 14, 2021

     

    සහාය කලා අධ්‍යක්ෂවරයෙක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි රුවන් මධුසංක නවරත්න වර්තමානය වන විට නළුවෙකු ලෙස නිර්මාණයන්ට දායකත්වය දක්වමින් සිටී. මේ ඔහු පිළිබඳ හඳුන්වාදීමේ සටහනකි.

    - Advertisement -

     

    ඔබ ක්ෂේත්‍රයට පැමිණි ආකාරය මතක් කළොත්?

    වසර 2012 දී විතර විකාශය වු වැහි ලිහිණි ටෙලි නාට්‍යයේ සහාය කලා අධ්‍යක්ෂවරයා ලෙස තමයි මම ක්ෂේත්‍රයට පැමිණෙන්නේ. ඇත්තටම මට වුවමනාව තිබුණේ රංගන ශිල්පියකු වන්න. ඒත් මේ ක්ෂේත්‍රයේ අයගේ දැන හැඳුණුම්කම මදි නිසාම මට හිතුණා මේ පිළිබඳ හදාරලා නළුවෙක් වුණොත් හොඳයි කියලා. ඒ නිසා තමයි කලා අධ්‍යක්ෂණය පැත්තට මම යොමු වුණේ. ඊට පසුව සමන් කුමාර ලියනගේ, චන්ද්‍රරත්න මාපිටිගම, ජෝසප් ජෙරොම් පෙරේරා, විමලරත්න අධිකාරි, කපිල කුමාර සමරකෝන් වැනි නිර්මාණකරුවන්ගේ ටෙලි නාට්‍යවල දෙවැනි සහාය අධ්‍යක්ෂවරයා විදිහට වැඩ කළා. මේ කාලය අතරතුරදී මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. මටත් අවශ්‍ය වුණේ අන්න ඒක. ඊට පස්සේ මම රඟපාන්නට ආවා.

    - Advertisement -

     

    ඔබ රඟපෑමෙන් දායක වූ නිර්මාණ පෙළ පිළිබඳ සඳහන් කළොත්?

    ෆෙන්ෂුයි ගෙදර, දුටු නොදුටු මල, අහස් මාලිගා, ඉසි වරුණ, මහිංසා, කොළඹ ඉතාලිය, සොඳුරු ආගන්තුකයා, නීල පබළු, පබසරා, හිරු දරුවෝ, පිත්තල කොණ්ඩෑරුම, අපූර්වා, ධවල හස්තියා ඇතුළු නාට්‍ය ගණනාවක මම විවිධ චරිත රගපෑවා. ඒ වගේම මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සහ තානාපතිලගේ ගෙදර කියන චිත්‍රපට දෙකෙත් මම රඟපෑවා. සරත් ධර්මසිරි සහ ජෝසප් ජෙරොම් පෙරේරා කියන නිර්මාණකරුවන්ගේ ටෙලි නාට්‍ය දෙකක උප ප්‍රධාන චරිත මට ලැබිලා තියෙනවා. ඒවායේ රූපගත කිරීම් තිබුණා ළඟදීම ඒ නාට්‍ය විකාශය වේවි.

    - Advertisement -

     

    දැන් සහාය අධ්‍යක්ෂණය හෝ කලා අධ්‍යක්ෂණය පැත්තෙන් නිර්මාණයකට ආරාධනා ලැබුණොත් යනවද?

    නැහැ. දැන් ඒ පැත්ත ගැන මම හිතන්නේ නෑ. මට ඕනෑ දැන් නළුවෙකු විදිහට ඉස්සරහට යන්න.

     

    ඔබේ ගම් පළාත සඳහන් කළොත්?

    මගේ ගම කුලියාපිටිය. කුලියාපිටිය ශාන්ත ජෝශප් පිරිමි විදුහලෙන් තමයි මම ඉගෙන ගත්තේ.

     

    ඔබ වෘත්තීය නළුවෙක්ද?

    නැහැ. මම පොඩි ව්‍යාපාරයක් කරන ගමන් තමයි රඟපාන්නේ.

     

    පවුලේ විස්තර සඳහන් කරන්න?

    මම විවාහකයි. මට පුතෙක් ඉන්නවා.

     

    මොනවගේ චරිතද වඩාත් ඔබ කැමැති රඟපාන්න?

    එහෙම විශේෂයක් නැහැ. මම කැමැතියි විවිධ චරිත නිරූපණය කරන්න.

     

    රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නෙ?

    මම රඟපෑව එක්තරා නාට්‍යයක. ප්‍රධාන චරිතය රඟපෑවේ තිසුරි යුවනිකා. ඇය ඔයක පාවෙලා එන දර්ශනයක් තිබුණා. මම තමයි පැනලා ඇයව අල්ලලා ගොඩට ගන්න ඕනේ. ඔන්න දැන් දර්ශනය පටන් ගත්තා. ඇය පාවෙලා එන පාත් එක වෙනස් වෙලා. ඇයව වෙන පැත්තකට ගහගෙන ගිහිල්ලා. මට ඇත්තටම එදා ගොඩක් බය හිතුණා. වෙලාවට අපේ කණ්ඩායමක් ඇයව අල්ලගෙන තිබුණා බැරිවෙලාවත් මමත් ඒ පැත්තට ගියා නම් මාව සැඩ පහරකට අසු වෙනවා. ඒ අත්දැකීම මගේ ජීවිතයට අමතක වෙන්නේ නැහැ.

     

    මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න අතහිත දුන් පුද්ගලයන් මතක් කළොත්?

    අනිල් ජයසිංහ, ගාමිණී එස්. බණ්ඩාර, සුසන්ත රාමසිංහ, කපිල කුමාර සමරකෝන්, සරත් ධර්මසිරි, සමන් කුමාර ලියනගේ, ඇතුළු පිරිසව බෙහෙවින් මතක් කරනවා. මේ වෙලාවේ නමක් සඳහන් කරන්න බැරි වුණා නම් සමාවෙන්න කියලා කියනවා. හැමෝටම ස්තූතිවන්ත වෙනවා මට උදව් කළාට.

     

     

     

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.