24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    රාජ්‍ය ආයතන 3ක් තෙල් සංස්ථාවට කෝටි 15,400ක් ණයයි

    - Advertisement -

    ලංවිම කෝටි 7,900ක් ශ්‍රීලන්කන් කෝටි 6700ක්

    බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්

    - Advertisement -

    ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රාජ්‍ය ආයතන තුනක් රුපියල් කෝටි 15,400ක් (බිලියන 154) ණය බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ඩී. ආර්. ඔල්ගා මහත්මිය ඊයේ (13) ‘දිනමිණ‘ට ප්‍රකාශ කළාය.

    එම ආයතන අතුරින් වැඩිම ණය මුදලක් ගෙවීමට ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලය බවද ඒ මුදල රුපියල් කෝටි 7,900ක් (බිලියන 79) පමණ වන බවද ඇය වැඩි දුරටත් පැවසුවාය. ඊට අමතරව ශ්‍රීලන්කන් එයාර් ලයින්ස් රුපියල් කෝටි 6700ක්ද (බිලියන 67) ස්වාධීන විදුලි බල නිෂ්පාදකයන් රුපියල් කෝටි 800ක (බිලියන 8) මුදලක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති බව ඇය සඳහන් කළාය. මේ ආයතන තුනෙන් පමණක් රුපියල් කෝටි 15,400ක් (බිලියන 154) අය විය යුතු බව ඔල්ගා මහත්මිය අවධාරණය කළාය.

    මීට අමතරව වෙනත් රාජ්‍ය ආයතනවලින් රුපියල් කෝටි 100ක (බිලියන 1) පමණ මුදලක් ගෙවීමට ඇති නමුත් එම මුදල් සාමාන්‍යයෙන් නිරවුල් වීමක් වන බවද ඇය පැවසුවාය.

    - Advertisement -

    ක්‍රිසන්ති විතාරණ

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.