24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    භූවිද්‍යා-පතල් කාර්යාංශයට ගෙවුණු මාස අටට කෝටි 203ක ආදායමක්

    - Advertisement -

    පසුගිය වසරට වඩා 74%ක වර්ධනයක්

    මේ වසරේ අගෝස්තු මාසය අවසන් වන විට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය (GSMB) විසින් රුපියල් කෝටි 203ක ආදායමක් උපයා ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 74ක වර්ධනයක් බව එම ආයතන වාර්තා පෙන්වා දෙයි.

    - Advertisement -

    පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා විසින් GSMB ආයතනයේ ප්‍රගතිය සම්බන්ධව කළ විමසීමකදී මේ කරුණු අනාවරණය විය.

    විශේෂයෙන් වැලි, කළුගල්, පස් හා බොරළු සම්බන්ධව කැණීම් හා ප්‍රවාහන බලපත් දීම, ඛනිජ සම්පත් අපනයනය සඳහා බලපත් දීම මෙන්ම විවිධ බාහිර ආයතන විසින් කර ගනු ලබන භූ සමීක්ෂණ වැනි සේවාවන් මඟින් මේ ආදායම් උපයා ඇත. මේ වසරේ ගත වූ කාලය තුළ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් වැලි, කළුගල්, පස් හා බොරළු ප්‍රවාහනය සඳහා ලබා දී ඇති බලපත් ප්‍රමාණය 777,000කි. මේ වසර අවසන් වනවිට නිකුත් කරනු ලබන ප්‍රවාහන බලපත් ප්‍රමාණය මිලියනය ඉක්මවනු ඇතැයි GSMB ආයතනය පවසයි.

    එමෙන්ම මේ වනවිට ගවේෂණ බලපත් 12ක්, කාර්මික බලපත් 1,856ක්, වෙළෙඳ බලපත් 281ක්, ප්‍රවාහන බලපත් 777,000ක් අපනයන බලපත් 374ක්ද වශයෙන් GSMB ආයතනය විසින් නිකුත් කර ඇත. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය බලපත් නිකුත් කිරීම මෙන්ම වෙනත් ආදායම් මාර්ග කෙරෙහිද අවධානය යොමු කරන ලෙසද පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ. විශේෂයෙන් අගය එකතු කරන ලද නිෂ්පාදන කර්මාන්ත කිහිපයක් ආරම්භ කිරීමට දැනටමත් යෝජනා වී ඇති අතර, කල්තොට කැල්සයිට් ආශ්‍රිතව කැල්සියම් කාබනේට් නිෂ්පාදනය හා දුර්ලභ හා වටිනා ඛනිජ සම්පතක් වන කොටිගම්බොක්ක Quartz හෙවත් නිධිය ආශ්‍රිතව නිමි භාණ්ඩ නිපදවීමටද මේ වනවිට අවශ්‍ය මූලික පියවර ගෙන ඇත. එවැනි කර්මාන්ත කිහිපයක් ආරම්භ කිරීමට පියවර ගන්නැයි ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    - Advertisement -

    බුද්ධිකා ඉඹුලාන

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.