24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    තරුණයන් 11ක් අතුරුදන් කිරීම: කරන්නාගොඩගේ අධි චෝදනා ඉවත් කර ගන්නවා

    - Advertisement -

    නීතිපති

    තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ගොනු කර තිබෙන අධි චෝදනා ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා ඊයේ (13) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. තමාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය මේ බව සඳහන් කළාය. සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මේ පෙත්සම කැඳවනු ලැබීය.

    - Advertisement -

    නෙල්කා මැදගෙදර

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.