ගෑස් මිල ඉහළ යෑමෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභීන්ට සහන දෙන්න

47

ගෑස් මිල ඉහළ දැමීම නිසා පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභීන් තෝරාගෙන, ඔවුන්ට යම් සහනයක් දීමට පියවර ගන්නා ලෙස රජයට දැනුම් දී ඇතැයි ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පැවසීය.

ඉකුත් කාල සීමාවේදී ලෝක වෙළෙඳපොළ මිලට සාපේක්ෂව මෙරට ගෑස් මිල ඉහළ නොදැමීම නිසා ලිට්‍රෝ ගෑස් සමාගම රුපියල් කෝටි 450ක පමණ මුදලක්ද ලාෆ් සමාගම රුපියල් කෝටි 50ක පමණ පාඩු ලැබීය. මෙරට මාසික ගෑස් අවශ්‍යතාව ගෑස් මෙට්‍රික් ටොන් 45,000ත් 50,000ත් අතර පවතින අතර දුප්පත් ජනතාව ඉලක්ක කරගෙන යම්කිසි සහන ක්‍රමවේදයක් සකසන ලෙස රජයේ නිලධාරීන්ට දැනුම්දී ඇතැයි ද සමාගම් දෙකේ නිලධාරීහු ‘දිනමිණ’ට පැවසීය.

ශිරාන් රණසිංහ

The article first published on dinamina.lk ⋆෴⋆