කහටපිටිය වැවේ නෙලුම් පැළ ගලවන්න ගිය දරු දෙදෙනා ගිලී මරුදකී

39

මොනරාගල දඹගල්ල පොලිස් වසමේ පිහිටි කහටපිටිය වැවේ නෙලුම් පැළ ගැලවීමට ගිය ළමයින් දෙදෙනකු ඊයේ (15) දියේ ගිලී මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ දඹගල්ල කොල්ලදෙණිය පදිංචි ඩී. එම්. අමිදු(14) සහ එච්.ජී. හංසක(14) නමැති ළමයින් දෙදෙනෙකි. මියගිය ළමයින් දෙදෙනා ඔවුන්ගේ මව්වරුන් සමඟ කහටපිටිය වැවට දියනෑමට ගිය අවස්ථාවේ, ජල පොකුණුවල සිටුවීමට නෙළුම් පැළ ගැලවීමට ගිය අවස්ථාවේ මෙලෙස වැවේ ගිලී මියගොස් ඇත.

ප්‍රදේශවාසීන් එක්ව ළමයින් දෙදෙනා දඹගල්ල රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් ළමයින් දෙදෙනා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ළමයින් දෙදෙනා දඹගල්ල හල්පිටිය මහවිදුහලේ 9 වසරේ ඉගෙනුම ලබමින් සිට ඇත. දඹගල්ල වැඩබලන පොලිස් ස්ථානාධිපති බන්ධුල ධනපාල මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඌව වෙල්ලස්ස විශේෂ ඩී. එස්. ගුණතිලක

The article first published on dinamina.lk ⋆෴⋆