වසංගතය ඇතුළෙ තරුණ ජීවිත ඇත්තටම ඉන්නෙ හරි ම තැනද?

    12

    වසංගතයේ හුදෙකලා වීම දැන් ඇත්තටම අවුල්ද කිව්වොත් ඒක ගොඩක්ම දැනිල තියෙන්නේ තරුණ ප්‍රජාවට කියල සමාජ මාධ්‍ය තුළ සැරිසරන විටම අපිට පේන්න තියෙන කාරණාවක්. මෙතන කවුරු කොහොම කිව්වත් බොහෝ වෙලාවට විවෘතව ටිකක් හරි කතා කරන්න ඉස්සරහට එන්නෙ මේ තාරුණ්‍ය බව පෝස්ටු හුවමාරුවේම පේන්න තියෙනවා.

    හැබැයි මෙතැන තාරුණ්‍යයේ දේශපාලනය රැඩිකල් වැඩිද කියලත් හිතෙන අවස්ථා නැතිව නෙවෙයි. රැඩිකල් වැඩියෙන් වෙන්න ගිහින් කෙහෙල් ගහේ හොට පටලවගෙන ඉන්න ගොඩක් තරුණ උදවිය දැන් හිතාගෙන ඉන්නෙ තව කෙනෙක් කියපු දෙයක් ගැන තමන්ගේ අදහසත් එක්ක විහිළුවක් කරල හුවමාරු කළාම තමන් තමයි මේ ගැන හොඳටම කියවල තියෙන්නේ කියන එක, ඔය කියැවීම කිව්වම පොත්පත් පාඩම් කරන්න කියැවීම නෙවෙයි මෙතැනදී අදහස් කරන්නෙ විචාරාත්මකව කියැවීම කියන එක. ඔන්න ඔතන තමයි සමහර විට වැරදෙන තැන. මේ වෙද්දි වසංගතය ඇතුළෙ තමන්ගේ ගේම් එක ගහන තාරුණ්‍යය නැතිවම නෙවෙයි. මේ වෙද්දි යොහානි වගේ තාරුණ්‍යයේ පසුවන පිරිස් දක්ෂතාව එක්ක යන ගමනක් තියෙනවා. මේ ගැනත් සමහරු මදිපුංචිකම් කියන්න අරගෙන, මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසා හැමෝටම ඕන දෙයක් කියන්න පුළුවන්. මරණය ගැන ලියැවෙන දේවල් තවත් වැඩියි. මානසික පීඩනයට මේව කදිම නිදසුන්. ඒත් මේ කතා කරන වසංගතය ඇතුළෙ තාරුණ්‍යයේ පැතිකඩ ගැන දකින්න තියෙන්නේම සමාජ මාධ්‍ය ඇතුළෙ තනිවෙලා ඉන්න අය ටිකක් ඇස් ඇරල බැලුවොත් සමහර විට තමුන්ගෙ හොඳම යාළුවො ජොබ් දෙක තුනක් කරගෙන ඊළඟ cv එක දෙන්න යනව වෙන්න පුළුවන්.

    කොවිඩ් වසංගතය ඇතුළෙ ඔහොම තාරුණ්‍යයේ ජීවිත ගෙවෙන කොට මේ ගෝලීය තත්ත්වය ඇතුළෙ කරන්න තියෙන මාර්ගෝපදේශයන් ගැන ඔබ සොයා බැලුවද? මේ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ගැන නිර්දේශයන් කිහිපයක් ඉදිරිපත් කරල තියෙනවා.

    තාර්කික වීම, සෑම තත්ත්වයකදීම සන්සුන්ව හේතු දැක්වීම, lock down වලදී මේක වැදගත්. විශේෂයෙන්ම සන්නිවේදනය හා සමාජ මාධ්‍ය භාවිතයේදී සෑම මොහොතකම ප්‍රජා මානසික චිකිත්සාව දිය යුතුයි. දේශීය අර්බුදය සඳහා තාරුණ්‍යයේ ඔරොත්තු දීමේ හැකියාව බලගැන්වීම.

    ලෝක සෞඛ්‍ය සංවිධානය කියල තියෙන සරල මාර්ගෝපදේශ අනුගමනය කරන එක වැදගත් ම කාරණාවක්. නිතර නිතර අත් සෝදන්න, ජනාකීර්ණ ස්ථානවලින් ඈත්වන්න. අසනීපයක් ඇති නම් මුහුණු ආවරණ පලඳිමින් ඒ බව අසල්වැසියන් දැනුවත් කරන්න. Online නම් හැමෝම on the way මාර්ගයේ ගමන් කරවන්න. (ලෝක බාලදක්ෂයන් සහ දකුණු අප්‍රිකාවේ Ndlovu යොවුන් ගායන කණ්ඩායම් කළ ව්‍යාපෘති බලන්න) අවිනිශ්චිත අවස්ථාවලදී ව්‍යාජ ප්‍රවෘත්ති වේගවත් විය හැකි බැවින් ඉතා වගකීමෙන් කටයුතු කරන්න. ප්‍රවෘත්ති තහවුරු කරගන්න.

    ප්‍රජාව සමඟ ඔබගේ ස්වේච්ඡා සේවය ලබා දෙන්න. වැඩිහිටියන් ප්‍රතිශක්තිකරණ අඩු පුද්ගලයන් වෙතොත් ඔවුන් පිළිබද සොයා බලන්න. අත්‍යවශ්‍ය බඩු සහ බෙහෙත් සපයන්න උදව් වෙන්න. (එංගලන්තයේ තරුණයන් මහලු අයට උදව් කළ ආකාරය බලන්න)

    හැකි ලෙස පරිත්‍යාගශීලී වන්න. කොරෝනා වසංගතය පරදන්න එක්ව නැඟී සිටින්න. ඔබේ අසල්වැසියා ද මේ මොහොතේ කුසගින්නේ වන්නට ඇත. ඇස් දෙක තිරයෙන් ඈත් කර මුහුණ ආවරණය කොටගෙන අසල්වැසියා දෙස ද බලන්න. ඔබ සැබෑ තාරුණ්‍යයේ කෙනෙකු විය හැක.

     

    ඉෂාන්ති අමරසිංහ

    The article first published on dinamina.lk ⋆෴⋆